ලංගම රුහුණු ප්‍රා දේශිකය අවසන් දින දෙකට රු ලක්ෂ 260ක ආදායමක් ලබයි
ශ්‍රි ලංගම රුහුණු ප්‍රා දේශිකය විසින් ඉකුත් වසරේ (2025) අවසන් දින දෙක තුලදි රුපියල් දෙකෝටි හැටලක්ෂයක ( 26,000,000) ආදායමක් උපයාගැනිමට හැකිවු බව රුහුණු ප්‍රා දේශිකයේ ප්‍රධාන කළමණාකරු උපුල් චන්දන මහතා පවසයි.
2024 වසරට සාපේක්ෂව 2025 වර්ෂයේ දි ශ්රිලංගම රුහුණු ප්‍රා දේශිකයේ ආදායම් තත්ත්වයේ සුළු වර්ධනයක් දක්නට ඇති බවද හෙතෙම පෙන්වා දෙයි. මෙම වර්ෂයේ අවසන් දින දෙක තුලදි ජනතාවගේ ගමන් බිමන් යාමේ අඩුවක් දක්නට ඇති බව සදහන් කළ රුහුණු ප්‍රා දේශිකයේ ප්‍රධාන කළමණාකාරවරයා එම නිසා රුහුණු ප්‍රා දේශිකයේ ආදායම බලාපොරොත්තු වු අයුරින් වැඩි වි නොමැතිබවද හෙතෙම පවසයි.
ජනතාව පොදු ප්‍රවාහන භාවිතාකරණවාට වඩා ගමන්බිමන් යාම සදහා පුද්ගලික යාන වාහන භාවිතා කිරිමේ තත්ත්වයක් දක්නට ඇති බව සදහන් කළ උපුල් චන්දන මහතා ශ්රිලංගම රුහුණු ප්‍රාදේශිකයේ ඩිපෝ 11 මගින් බස්රථ 430ක් පමණ ධාවනයට එක්කොට ඇති බවද උපුල් චන්දන මහතා පවසයි.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

